Latestදේශීය

පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් රනිල්ට කතානායකගෙන් සෘජු පිළිතුරක්

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකර එය කතානායක වෙත පැටවීමට දරන ලද උත්සාහය පෙරලා රනිල් වික්‍රමසිංහ වෙත පාරාවළල්ලක් වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරයා සහ කතානායකවරයා එක්ව සාකච්ඡා කර වැඩ බලන පොලිස්පති පත් කිරීමේ ගැටළුව විසඳා ගන්නා ලෙස ය.

ඉරානයේ නිල චාරිකාවකින් පසුව මෙරටට පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීම් නීතිපතිවරයා විසින් කතානායකට ලබා දී ඇත. මේ අතර කතානායක අවධාරණය කර තිබෙන්නේ “අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නැහැ“ යනුවෙනි. කතානායකගේ එම පිළිතුර මගින් නීතිඥ වෘත්තීයේ වසර 50ක් සම්පූර්ණ බව කියන රනිල් වික්‍රමසිංහ වෙත දැඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *