Latestවිදේශීය

බංගලාදේශ අගමැති ඉල්ලා අස්වෙයි

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව  බීබීසී මාධ්‍ය වාර්තා කරයි.

ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී ඇති බව ද වාර්තා වෙයි

බංගලාදේශ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇතිවූ දරුණු ගැටුම් අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධූරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *