ලොව වේගවත්ම කාන්තාව ජුලියන් ඇල්ෆ්රඩ්
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනාගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදීමට ශාන්ත ලුසියා රාජ්‍යයේ ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) සමත්විය.
ඒ, අවසන් තරගය 10.72ක කාලයකින් අවසන් කරමින්ය.
කෙසේ වෙතත්, මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටී අමෙරිකාවේ Sha’Carri Richardson රිදී පදක්කම දිනාගත් අතර, ඇය දෙවන ස්ථානයට පත් වුයේ තත්පර 10.87 ක තියුණු සටනක් ලබා දෙමිනි.
එම ඉසව්වේ ලෝකඩ පදක්කම අමෙරිකාවේ Melissa Jefferson විසින් දිනාගනු ලැබීය.
ඇයට තරඟය අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 10.92කි.
ජූලියන් ඇල්ෆ්‍රඩ් 2024 පැරිසියේදී ඔලිම්පික් මීටර් 100 කාන්තා ශූරතාවය ලබාගත්තේ, ශාන්ත ලුසියා හී පළමු පදක්කම් ලාභියා බවට ඉතිහාසගත වෙමිනි.
ඇය මේවන විට 23 වැනි වියෙහි පසුවේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

