Latestක්‍රීඩාවිදේශීය

ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා – නොවැක් ‌ජොකොවිච්

ලෝක ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි කේවළ ටෙනිස් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (04) සමත් විය.

ඒ පිරිමි කේවල ටෙනිස් අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජයට පත්කරමිනි.

37 හැවිරිදි නොවැක් ජොකොවිච් සහ 21 හැවිරිදි කාලෝස් අල්කරාස් පිරිමි කේවල ටෙනිස් අවසන් සටනට පිවිසුණේ ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ වයස්ගතම සහ ළාබාලතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙසය.

අවසන් මහා තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත්තද අත්දැකීම් බහුල ජොකොවිච් පළමු වට දෙක ලකුණු 7-6ක් සහ 7-6ක් ලෙස ජයගනිමින් සිය වසර 21ක ටෙනිස් දිවියේ විශාලතම සිහිනය වූ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24ක් ජයගෙන ඇති ජොකොවිච් සිය ජයග්‍රහණ ගොන්නට ඔලිම්පික් රන් පදක්කමක්ද එක්කර ගනිමින් ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වුණි.

ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේ පස්වැනි උත්සාහයෙන් වීම විශේෂයකි. තරගයෙන් අනතුරුව ජොකොවිච් පැවසුවේ සිය ක්‍රීඩා දිවියේ විශාලතම ජයග්‍රහණය මෙම රන් පදක්කම බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *