ලොව වේගවත්ම මිනිසා ලෝවා ලයිල්ස්
ඊයේ (04) රාත්රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත්විය
එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.79ක කාලයක් වාර්තා කරමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්විය
එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ද විය.
කෙසේ නමුත් මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ද තත්පර 9.79 කාලයක් වාර්තා කළ අතර, ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ තත්පර 0.005ක් ලෙසිනි.
මේ අතර මෙහි ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේද ඇමරිකාවේ ක්රීඩකයෙකු වන ෆ්රෙඩ් කර්ලි විසිනි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

