බංගලාදේශයේ සිරගතව සිටි සියලු දේශපාලනඥයින්ට නිදහස
බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසය.
බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණි.
විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබේ.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඇය නැවත වරක් දේශපාලනය නොකරනු ඇති බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

