Latestදේශීය

ජනාධිපතිවරණය පිළිබද තීරණය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුවයි – සුමන්තිරන්

දමිළ ජනතාව නියෝජනය කරමින් ස්වාධීන පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට විරුද්ධ ස්ථාවරයක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රමුඛ දමිළ ජාතික සන්ධානය තම ස්ථාවරය නොදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමේ සූදානමකින් සිටී.

ඊයේ (05) නිකුත් කරන ලද තමිළන් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් මේ බව සඳහන් කර තිබිණි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වූ පසු ඒවා කියවා බලා දමිළ ජාතික සන්ධානය සහයෝගය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තීරණය කරන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

එම සන්ධානයේ මධ්‍යම කාරක සභාව සාමාජිකයින් 33 දෙනෙකුගෙන් සමන්විත වන අතර ස්වාධීන දමිළ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් සහයෝගය පළ කර ඇත්තේ තිදෙනෙකු පමණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *