Latestදේශීය

කරනම් යුගය නැවතත් කරළියට

මෙම පාර්ලිමේන්තු සැසිය තුළ පිල් මාරු කිහිපයක් බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඊට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමඟින් එම පක්ෂයේ දෙකඩ වීම මත මෙම තත්ත්වය නිර්මාණ වී තිබේ.

පක්ෂයේ තීරණයට එකඟතාවය පළකර ඇති මන්ත්‍රීවරු විස්සකට පමණ ආසන්න පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සාකච්ඡාවෙන් තිබේ.

කෙසේ නමුත් ඔවුන් විපක්ෂයේ ආසුන් ගැනීමක් සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුවත් කර නැත.

මෙම සතියේදී අදාළ පිල් මාරුව සිදුවුවහොත් ට අවශ්‍ය වන ආකාරයේ පාර්ලිමේන්තු අසුන් පැනවිට කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *