Latestදේශීය

පළාත් සභා පැරණි ක්‍රමයට තියන්න

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

අගෝස්තු 8 වනදා වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවැනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *