මාලදිවයිනට ඉන්දියාවෙන් සහන කාලයක්
මාලදිවයින විසින් ඉන්දියාවෙන් ලබා ගත් මාලදිවයින රුෆියා බිලියන 6.2ක ණය මුදල ආපසු ගෙවීම ලිහිල් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලය ඇතුළත ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මැදි වී සිටි මාලදිවයිනට ලබා දුන් එම සහයෝගයට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ස්තූතිය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දෙරට අතර ඇති භූගෝලීය වැදගත්කම සැලකිල්ලට ගනිමින් එය පවත්වා ගැනීමට මාලදිවයින් ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රී මිකේල් නාසිම් විශ්වාසය පළ කර ඇතැයි ද, තම විදේශීය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන බව ජනාධීපතිවරයා මේ වන විට අවබෝධ කරගෙන ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
වර්තමානය වන විට මාලදිවයිනට චීනයෙන් සහ මැදපෙරදිගින් ආධාර ලබා ගැනීමට එරට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවත්, දෙරට අතර වඩාත් ශක්තිමත් සබඳතා ගොඩ නඟා ගැනීමට මාලදිවයින සමඟ ඉන්දියාව නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබනු ඇතැයි ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

