හදිසි තත්ත්වය පාලනයට එංගලන්ත පොලීසිය 6000ක් කැඳවයි
එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්පෝර්ට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියකට කඩා පැන දැරියන් තිදෙනකුට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම මුල් කරමින් සතියකට වැඩි කාලයක් පුරා එරට පැතිරී යන කෝලාහල හා ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට හයදහසකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරියේ යොදවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලැබූ බව කියන මේ විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ලිවර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල්, බෙල්ෆාස්ට් සහ බර්මින්හැම් වැනි ප්‍රදේශ රැසකට පැතිරී ගොස් ඇති අතර, සාප්පු මංකොල්ල කෑම් හා රථවාහනවලට හා ගොඩනැඟිලිවලට ගිනි තැබීමේ සිදුවිම් ද වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට රජය නිවේදනය කළ බවත්, දැනටමත් එවැනි පුද්ගලයන් තිදෙනකුට ලිවර්පූල් අධිකරණය මගින් සිර දඬුවම් නියම කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
@දිනමිණ