හමාස් නව නායක යහ්යා සින්වාර්
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා ගත්තේ, එම ධුරයේ කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය වීම හේතුවෙනි.
ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වෙයි. පසුගිය ජූලි 31 වැනිදා හානියේ ඝාතනය වූයේ ඔහු ඉරානයේ සිටිද්දීය.
“ඉස්මයිල් හනියාගේ අනුප්‍රාප්තිකයා ලෙසත් අප දේශපාලන අංශ නායකයා ලෙසත් යාහ්යා සින්වාර් තෝරා ගැනීමට තීරණය කළා.” යැයි හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ පසුගිය ඔක්තෝබර් 11 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලබා ගෙන, ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරය මුල්කොට ගනිමිනි. එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ, 61 ක් හැවිරිදි යහ්යා සින්වාර් යැයි ද පැවැසෙයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

