Uncategorized

හිරුණිකා පහළට සිංහබාහු ඉහළට

සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරී කාන්තා චරිතය වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවට අප්සාරී සිංහබාහු තිලකරත්න තෝරා ගෙන ඉහළම තනතුරක් ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අප්සාරි සිංහබාහු පිළිබඳව සජිත් ප්‍රේමදාස පුද්ගලිකව ම මැදිහත් වී මාධ්‍ය ආයතනවලට කතා කර ප්‍රචාරයක් ද ලබා දී තිබිණි. ඇය සමගි ජන බලවේගයෙන් පසුගිය මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ හෂාන් තිලකරත්නගේ බිරිඳ ය.

එම දෙපල පසුගිය 05 වෙනිදා සජිත් ප්‍රේමදාස හමුවී නැවත සමගි ජන බලවේගයට එක් වූ බවට විශාල ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. අප්සාරි සිංහබාහු කොළඹ දිස්ත්‍රික් නායිකාව ලෙස පත් කිරීමට සජිත් ප්‍රේමදාස සූදානමින් සිටින බව වාර්තා පළ වී තිබේ.

එම පක්ෂයට අලුත් පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා බව පවසමින් පක්ෂයේ සිටි පුද්ගලයන් ම උත්සවාකාරයෙන් පක්ෂයට එකතු කර ගන්නා බවට ප්‍රචාරක ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *