ඉරානයට මුහුණ දීමට ඊශ්‍රායලයේ භූගත රෝහල් ඉදිකරයි
ඕනෑම මොහොතක ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකදී තුවාල ලබන සිය පුරවැසියන්ගේ සහ හමුදා සෙබළුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රායලය භූගත රෝහල් ඉදි කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඊශ්‍රායලයේ හයිෆා නුවර ඉදි කරන එම භුගත රෝහල් දහස් ගණනක ඇඳන්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් ලෙස සකස් කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම රෝහලේ ඇඳන් 2,000කට අධික ප්‍රමාණයක් සවි කර ඇතැයි ද, යුද ගැටුම්වලින් බරපතළ තුවාල ලබන පුද්ගලයන්ට එම රෝහලේදී ප්‍රතිකාර ලබාදීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

