Latestදේශීය

නාමල්ට පවුලෙන්ම කැපිල්ලක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජපක්ෂ පිල නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවට එම පවුලේ පිරිසක් ද සහභාගී නොවූ බව තහවුරු වී තිබේ.

එම පිරිස අතර චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ පමණක් නොව, නාමල් රාජපක්ෂගේ සොහොයුරන් සහභාගී නොවීම කෙරෙහි ද බොහෝ දෙනාගේ විශේෂ අවධානය යොමු වී ඇත. පසුගිය කාලයේ එම පක්ෂයේ දේශපාලන කටයුතු කෙරෙහි සමීප මැදිහත් වීමක් කළ බව වාර්තා වූ ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාවට සහභාගී වී නැත.

පවුලේ පිරිසට අමතරව මේ වනවිට ද රනිල් වික්‍රමසිංහ සමඟ එක් නොවූ පවිත්‍රා වන්නිආරච්චි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් ද සහභාගී නොවීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *