බංගලාදේශයේ නැවත සිදුවූයේ ලංකාවේ සිදුවූ දෙයමයි – හරිනි අමරසූරිය
රටක ආර්ථිකය සම්බන්ධ කරුණු පමණක් පෙන්වා දේශපාලනය කළ නොහැකි බව බංගලිදේශයේ මෙන් ම, ලෝකයේ රටවල් ගණනාවක අත්දැකීම්වලින් තේරුම් ගත යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරන්නීය.
සිරස රූපවාහිනිය මගින් විකාශනය කෙරෙන “පැතිකඩ“ වැඩ සටහනට අද (07) උදෑසන එක් වූ මන්ත්රීවරිය මේ බව අවධාරණය කළා ය. වර්තමානයේ දී සමාජ සංස්කෘතික ජීවිතයේ නිදහස සහ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් ලෝකය පුරා ම යොමු වී ඇති බවත් එහෙත් සම්ප්රදායික පාලකයින් ආර්ථික කරුණු පමණක් පෙන්වමින් පවත්වාගෙන යන දේශපාලනය තව දුරටත් වලංගු නොවන බවත් අවධාරණය කරනු ලැබීය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

