Latestදේශීය

විදුලිය ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවන් – ගැසට් නිවේදනය නිකුත් වෙයි

විදුලිය හා ඛනිජ තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින්ය.

ඒ අනුව ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව හා එම සේවාවට බාධාවක් හෝ අවහිරතාවයක් ඇතිවිය හැකි බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම අත්‍යවශ්‍ය සේවා නියමයන් ප්‍රකාශයට පත්කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *