Latestවිදේශීය

විරෝධතාකරුවන්ට වෙඩි තියන්න අපට බල කළා – පොලිස් සේවා සංගමය

අකමැත්ත ප්‍රකාශ කළ ද, විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස රජය විසින් බලපෑම් කළ බව බංග්ලාදේශයේ පොලිස් සේවා සංගමය ඊයේ නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනතාව ඉදිරියේ පොලිස් නිලධාරීන් සතුරටන් බවට පත් කළේ යැයි ඔවුන් රජයට චෝදනා කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අහිංසක සිසුන්ට වෙඩි තැබීම පිළිබඳ ඔවුන් එම නිවේදනය මඟින් සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. සියලු පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනතුරු වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නීති සකස් කරනු ලබන්නේ රජය විසින් බවත්, පොලිසියට සිදුවී ඇත්තේ එම නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් සඳහන් කර ඇති එරට පොලිස් සේවා සංගමය නීත්‍යානුකූල හෝ නීති විරෝධී වුවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ සහ රජයේ ඇමැතිවරුන්ගේ නියෝග පිළිපැදීමට සිදු වූ බව ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

අගමැතිනිය ශෙයික් හසීනා ධුරයෙන් ඉවත්වීමෙන් පසු බංග්ලාදේශයේ පොලිස් ස්ථාන 450කට වැඩි ප්‍රමාණයකට විරෝධතාකරුවන් පහරදුන් බවත් පොලිස් සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම විරෝධතාව අතරතුර සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් ද ජීවිතක්ෂයට පත් වූ බවත් පොලිස් සේවා සංගමයේ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *