ශෙයික් හසීනා ඉන්දියාවට පලාගිය දෙවන අවස්ථාව මෙයයි
ජනතා විරෝධය මැද ඉන්දියාවට පළාගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනා සම්බන්ධයෙන් ඊයේ(06) ඉන්දියාව ප්‍රකාශයක් සිදු කළේය.
ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් විසිනි.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ බංග්ලාදේශයේ නීතිය සහ සාමය යළි ස්ථාපනය වන තෙක් ඉන්දියාව අවධානයෙන් පසුවන බවය.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර්,
“ඉතාම කෙටි දැනුම්දීමකින් ඇය කෙටි කාලයක් සඳහා ඉන්දියාවට පැමිණීමට අවසර ඉල්ලුවා. ඒ සමගම ගුවන් කලාපය නිදහස් කරන ලෙසත් බංග්ලාදේශ බලධාරීන් ඉල්ලා සිටියා. ඇය දිල්ලි වෙත ළඟා වුණේ ඊයේ පස්වරුවේයි. බංග්ලාදේශයේ නීතිය සහ සාමය යළි ස්ථාපනය වන තෙක් අපි අවධානයෙන් සිටිනවා.”
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳව සර්ව පාක්ෂික රැස්වීමක් ද කැඳවා දැනුවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම රැස්වීමෙන් අනතුරුව එස්. ජෙයිශංකර් සිය X ගිණුමේ සටහනක් ද තබා තිබුණි.
ජනතා විරෝධය මැද පළාගිය ශෙයික් හසීනා දැනට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් හමුදා කඳවුරක රැඳී සිටී.
ශෙයික් හසීනා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවී තිබුණි.
බංග්ලාදේශ නිදහස් සටනේ පුරෝගාමිය ලෙස හැඳින්වෙන ෂෙයික් හසීනාගේ පියාද වූ මුජිබර් රහ්මාන් 1975 වසරේ දී ඝාතනය වූ අවස්ථාවේදීත් හසීනා පළාගොස් තිබුණේ ඉන්දියාවටය.
මෙවර ඇය එංගලන්ත සරණාගතභාවය බලාපොරොත්තුවෙන් සිටින අතර එතෙක් ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

