Latestදේශීය

පුළුවන් නම් අත්අඩංගුවට ගෙන පෙන්වනු – ලාල් කාන්ත ගම්මන්පිලට අභියෝග කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි ලාල්කාන්ත අත්තඩංගුවට ගත යුතු බවට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් කේ.ඩි ලාල්කාන්ත විසින් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

එහි දී ඔහු අවධාරණය කර තිබෙන්නේ “උදය ගම්මන්පිලට අභියෝග කරනවා, අත්තඩංගුවට ගෙන පෙන්වන ලෙස” යනුවෙනි. 2022 ජූලි මස 10 වෙනි දින පාර්ලිමේන්තුව අබියසට ගිය ලාල්කාන්ත ඇතුළු පිරිසක් එය වට කර පාර්ලිමේන්තුව විසුරා හැරීමට බල කළ යුතු බව ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් විකෘති ව්‍යාජ ප්‍රකාශ දිගින් දිගටම සිදු කරමින් සිටිනවා හැර අවම වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට හෝ උදය ගම්මන්පිල ඇතුළු පිරිස ක්‍රියා කර නොමැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *