Latestදේශීය

ඇත්ත එදා බන්දුල ද? අද බන්දුල ද?

ගෝටාබය රාජපක්ෂ යටතේ වැටුණු රටේ ආර්ථිකය ගොඩගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ප්‍රචාරය කළද ඔහු 2001 වසර අවසානයේ අගමැති ධුරයට පත්වීමෙන් පසුව ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇදවට්ටන ලද ආකාරය ඇමති බන්දුල ගුණවර්ධන දත්ත සහිතව හෙළි කර තිබිණි.

රටේ මූල්‍ය තත්වය පිළිබඳව පවත්වනලද පාර්ලිමේන්තු විවාදයකදී බන්දුල ගුණවර්ධන මෙම කරුණු හෙළි කර තිබූ අයුරු 2015 මාර්තු 20 හැන්සාඩ් වාර්තාවෙන් අනාවරණය වේ. 2002 වසරේ සිට රජයේ ආදායම ණය වාරික සහ පොලිය ගෙවීමට ප්‍රමාණවත් නොවූ බව දක්වා ඇත. එමෙන්ම සමස්ත රාජ්‍ය ණය බර දල දේශීය නිෂ්පාදිතයෙන් 103% ඉක්මවා ගිය ආකාරයත් හෙළි කර තිබිණි.

එදා රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ බන්දුල ගුණවර්ධන කැබිනට් ඇමති ධුරයක් දැරූ අතර පසුව 2015දී මෙලෙස දරුණු විවේචනයට ලක් කර තිබිණි. වර්තමානය වනවිට රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගත් බවට ප්‍රචාර ගෙනයන්නන් අතර බන්දුල ගුණවර්ධන ප්‍රමුඛයෙක් වී සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *