Latestදේශීය

වතු සේවක රුපියල් 1700 නැවතත් කරළියට

වතු සේව­ක­යන්ට වැඩි කළ රුපි­යල් 1700ක වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි සභා­නා­යක, අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (09) පැව­සීය.

වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව මේ වන විට පඩි පාලක සභා­වට යොමුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පඩි පාලක සභා­වෙන් කුමන තීර­ණ­යක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට කම්කරු ඇමැ­ති­ව­රයා අපේක්ෂා කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

වතු සේව­ක­යන්ගේ වැටුප රුපි­යල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පු­තුන් අධි­ක­ර­ණ­යට ගිය බවත් එම නිසා පඩි පාලක සභා­වට එය මේ වන විට යොමු කර තිබෙන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. මෙම වැටුප් වැඩි කිරීම ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ මේ වන විට සැල­සුම් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම විවිධ අයුරින් මෙම මාතෘකාව කරළියට ගනිමින් වතු කම්කරු ජනතාවට විවිධ පොරොන්දු දුන් පාලකයින් නැවත වටයකින් එම ජනතාව රවටා තම ඡන්ද පදනම ස්ථාවර කරගත් ආකාරයක් දක්නට ලැබුණි. ජනාධිපතිවරණයට ආසන්නයේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිගත ‌නොහැකි බව පවසන වතු වෘත්තීය සමිති වචනයෙන් නොව ක්‍රියාවෙන් වැටුප් වැඩිකර පෙන්වන ලෙස අමාත්‍යවරයාට සහ ආන්ඩුවට අභියෝග කර සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *