දිලිත් ජනාධිපතිවරණයෙන් බැසයයි ?
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.
තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

