ආන්ඩුවට බහුතරය නෑ – පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම ගැටළුවක්
පාර්ලිමේන්තුවේ සරල බහුතරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම තත්ත්වය මත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් විපක්ෂය විසින් ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම කල් දැමීමටද ආණ්ඩුව තීරණය කර ඇත.
ගත වූ සතියේද ඡන්දයක් ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම කල් දමන ලදී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් වෙනම අපේක්ෂකයෙකුට සහය දීම හා තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ මන්ත්‍රී ධුර අහිමි වීම මත ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
ආණ්ඩුවට සහාය දෙන සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රඳවා ගැනීමට නොහැකි ප්‍රායෝගික අපහසුතාවයත් ඔවුන් සිය ගම්බිම්වල ජනාධිපතිවරණ මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය වීමත් මෙයට දැඩිව බලපා ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

