Latestදේශීය

ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට විරෝධය

ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පවසයි.

කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශව කිහිපයක් එක්ව පසුගිය (08) දිනයේ පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඊයේ දිනයේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්ව දෙමළ පොදු අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *