අප්පච්චි මළා කියා සජිත්ට අතදුන් සොයිසා රනිල් වෙත හරවා යැවූ මද්දුමබන්ඩාර
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහයෝගය දීමට පැමිණි “අප්පච්චි මළා“ හරවා යවා ඇත්තේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බව වාර්තා වේ.
“අප්පච්චි මළා“ හෙවත් ගාමිණි විජිත්මුණි සොයිසා මෙන් ම සමගි ජන බලවේගයේ මෙන් ම රංජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනා ම මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවල යෙදී සිටි අය වෙති. පසුව විජයමුණි සොයිසා ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණි අතර සජිත් ප්‍රේමදාස සමඟ නැවත එක් වී මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීව කටයුතු කිරීමට අවශ්‍ය බව පවසා තිබේ. එහෙත් රංජිත් මද්දුමබණ්ඩාර එයට දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර ඒ නිසා ඔහු රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ බව වාර්තා වේ.
මීළඟ මැතිවරණයේ දී රංජිත් මද්දුමබණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී මොනරාගල දිස්ත්‍රික්කයට ඔහුගේ දරුවෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මේ වනවිටත් හෙළි වී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

