Latestදේශීය

රාජගිරියෙන් ආයුධ සොයාගනී

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගැණුනි.

ඒ, මාකොළ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගැණුන සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් කරුණු මත පදනම්වය.

මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද එම නිලධාරින්ගේ භාරයට ගැණුනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන් සේවය අතහැර පළා ආ පුද්ගලයින් දෙදෙනෙක් ද වූ අතර සැකකරුවන් 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය පියවර ගෙන තිබුණි.

ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කෙරුණේ සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් කරුණු මතය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකළ වැටලීමේදී එම නිවසේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, T56 උණ්ඩ 300කට අධික ප්‍රමාණයක් මිලිමීටර් 9 උණ්ඩ 50ක් මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැණුනි.

එම නිවස විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට සැක පළ කරන අතර පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකටම එම ආයුධ යොදාගන්නට ඇතැයිද පොලීසිය සැක පළකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *