Latestදේශීය

මන්ත්‍රී ධූරය සතුටින් බාරගන්නවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

නමුත් එය තමන් වෙත ලබා දෙන්නැයි කිසිදු ඉල්ලීමක් පක්‍ෂයෙන් තමන් මේ වන තෙක් සිදු කර නැති බවද ඇය කියා සිටියාය.

තමන් මේ වන තෙක් පක්ෂයෙන් ඉල්ලා ඇති එකම දේ නම් කඩුවෙල ආසන සංවිධායක ධුරය පමණක් බවද ඇය සඳහන් කරන්නීය.

තමන්ට එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදෙන ලෙස මාධ්‍ය ආයතනයකින් බලපෑම් කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටෙක මාධ්‍ය ආයතනයකට අවශ්‍ය විදිහට නැටවිය හැකි යැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *