මැතිවරණයට අරුතක් රැගෙන යාපනය තරුණයෙක් රටපුරා පාගමනක
(රසුල දිල්හාර ගමගේ)
සියලු ජාතීන් අතර සාමය හා ආගමික සහනශීලිභාවය වර්ධනය කර ගැනීමට සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ජීවත් වන ලෙසත් මැතිවරණ සමයේදී පිරිපුන් මානුෂීය ගුණධර්මවලින් යුතුව ජීවත් වන ලෙසත් ඉල්ලමින් යාපනයේ තරුණයෙකු ශ්රී ලංකාවේ දිස්ත්රික්ක විසිපහම නියෝජනය වන අන්දමට පාගමනක් පෙරේදා (11) යාපනයෙන් ආරම්භ කළේය.
ශිවානන්දන් පවිස්වරන් නමැති 23 හැවිරිදි මෙම තරුණයා යාපනයේ නල්ලූර් කෝවිල අසලින් මෙම පාගමන ආරම්හ කළ අතර, ඔහුට සුබ පැතීම පිණිස කීප දෙනෙක්ම එම ස්ථානයට පැමිණ සිටියහ.
ඔහු සිය පාගමනේදී පසු කරනු ලබන ප්රසිද්ධ නගරවලදී ඖෂධ පැළයක් රෝපණය කිරීමට හා රැස්වන පිරිසට තමන්ගේ පණිවුඩය ඉදිරිපත් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.
මෙම පාගමනේදී අනුරාධපුරය දඹුල්ල මහනුවර කතරගම ඇතුළු පූජනීය ස්ථානවලදී පින්කම්වලට සහභාගි වීමටද ඔහු වැඩපිළිවෙළක් ඔහුගේ හිත මිතුරන් ලවා සංවිධාන කොට ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

