Uncategorized

රනිල්ගේ අගමැති නිමල් සිරිපාල

මෙම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළ පසු නිමල් සිරිපාල ද සිල්වා අගමැති ධුරයට පත් කරන බව මන්ත්‍රී ධුරය අහිමි වූ හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

ඊයේ (11) බදුල්ලේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් හමු වී ඔහු එම ප්‍රකාශය කර තිබේ. නිමල් සිරිපාල ද සිල්වා ද එම හමුවට සහභාගී වී ඇති අතර හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් පසුව පැමිණ සිටි අය අතරේ එම ප්‍රකාශය හාස්‍යයට ලක් වූ බව ද වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඌවෙන් අගමැතිවරයෙකු පත් කරන බවත් ඒ නිමල් සිරිපාල ද සිල්වා බවත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ අවසන් කාලයේ ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියකට ජපන් සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීම සඳහා රුපියල් බිලියන ගණනක කප්පම් ඉල්ලීම නිසා නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

පසුව රනිල් වික්‍රමසිංහ නැවත වරක් ඔහු එම අමාත්‍යංශයට ම පත් කරනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *