රාජපක්ෂලා පන්නා පොහොට්ටුවේ බලය ගන්නවා – එස් එම් චන්ද්‍රසේන
රනිල් වික්‍රමසිංහ පිලට එක් වී සිටින, පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එස්. එම්. චන්ද්‍රෙස්න රාජපක්ෂලාට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඊයේ (11) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ “ජනාධිපතිවරණයෙන් පස්සේ පොහොට්ටුවේ අයිතිකාරයෝ අපි“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 100ක් පමණ සිටින බවත්, පක්ෂයේ අයිතිය සුළුතරය තබා ගෙන සිටීම වැරදි බවත් ය. එම නිසා රාජපක්ෂලා පන්නා බහුතරයට අයිතිය ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇත.
පිල් මාරුවට පෙර දැඩි රාජපක්ෂවාදියෙකු වූ චන්ද්‍රසේන, මාවිල්ආරු ගොවි ජනතාවගේ වන්දි ගෙවීමේ දී රුපියල් බිලියන ගණනක් වංචා කළ අයෙකු බව හෙළි වී තිබිණි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ පාලන සමයේ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ද විවිධ උපක්‍රම යොදමින් අතපසු කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

