Latestදේශීය

අධිකරණය හමුවේ වැරදිකායෙක් වීමට හේතු ගොඩනගා ගත් රනිල්

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ආරක්ෂක ඇමති ධුරයට අමතරව අවම වශයෙන් ඇමති ධුර 6ක් වත් තබා ගෙන සිටින අතර එය පැහැදිලිව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීති විශාරදයින් පෙන්වා දී තිබේ.

ඔහු අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් වී ගෙවී ගිය වසර 2 තුළ දී අවස්ථා ගණනාවක දී ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබිණි. ඔහු වෙත නීත්‍යනුකූල නොවන අයුරින් ඇමති ධුර තබා ගෙන සිටීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය මේ දක්වා යොමු වී නොතිබිණි.

එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථාව යටතේ පවතින අනු ව්‍යවස්ථා කිහිපයකට අනුව එය නීති විරෝධී බව හෙළි කර තිබේ. 44(03) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා යටතේ තබා ගත හැක්කේ ආරක්ෂක අමාත්‍යංශය පමණි. යම් විශේෂ අවස්ථාවල දී දින 14ක් නොඉක්මවන කාලයක් සඳහා වෙනත් අමාත්‍යංශවල බලතල ජනාධිපතිවරයා යටතේ තබා ගත හැකිය. එසේ තිබියදී මුදල් අමාත්‍යංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය වැනි අමාත්‍යංශ ගණනාවක් දීර්ඝ කාලයක් ඔහු යටතේ තබා ගනිමින් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *