Latestදේශීය

අපේ ආන්ඩුවේ ඇමතිවරු උපරිම 25යි, විශේෂ වරප්‍රසාද කිසිවක් නැහැ – අනුර දිසානායක

තම රාජ්‍ය පාලනයක් යටතේ රාජ්‍ය ආයතන පාලනය සඳහා අද විවිධ ස්ථානයන්හි සිටින සුදුසුකම් සහිත පුද්ගලයන්ට ඒවා බාර දෙන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ උපරිම අමාත්‍ය ධුර ප්‍රමාණය විසිපහක් දක්වා සීමා කරන බවද පැවසූ ඔහු රාජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු පත් නොකරන බව ද සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් පමණක් නම් කරන බවත් ඒ සියල්ල 25දෙනෙකුට සීමා කරන බවද ඔහු කියා සිටියේය.

එම අමාත්‍යවරුන් සඳහා වන නිල නිවාස, විදුලි බිල්, වතුර බිල්පත් ගෙවීම රජයෙන් වීම අත්හිටුවන බවද පැවසූ දිසානායක මහතා අමාත්‍යවරයකු සඳහා වාහන හත අටක් නිදහස් කිරීම නතර කර සාමාන්‍ය එක් වාහනයක් පමණක් ලබාදෙන බවද පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවක් මහරගමදී අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *