Latestවිදේශීය

ඊශ්‍රායලයට පහර දීම ගැන ඉරානයේ අදහස

හමාස් නායකයා ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වීම මත ඊශ්‍රායලයට පහර දීම සම්බන්ධව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හා එරට විප්ලවීය ආරක්ෂක හමුදාව මත දෙකක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයට පහර දිය යුතු බවට ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කළ ප්‍රකාශයට අනුව ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඇතුළු නගර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කළ යුතු බව එරට විප්ලවීය හමුදාවේ අදහස වුවද, ඉරාන ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේ කලාපයේ යුද අර්බුදයක් මතු වීම වළක්වමින් මොසාඩ් ඔත්තු සේවා කාර්යාල ස්ථාපිත කර ඇති එම කලාපයේ රහසිගත ස්ථාන වෙත පහර එල්ල කළ යුතු බවය.

හිස්බුල්ලා සංවිධානය හා එක්ව එකම මොහොතක ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඉරාන විප්ලවීය හමුදාවේ තීරණය වි ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *