Latestදේශීය

බලය ගන්න පොරොන්දු මළු – වතුකරයට සැමදා උරුමය තරු

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනා විශේෂයෙන් ම කඳුකර ජනතාව මූලික කර ගනිමින් විවිධ ඡන්ද පොරොන්දු ලබා දී වෙනස් ම පොර පිටියකට අවතීර්ණ වෙමින් සිටින බවට කරුණු හෙළිවේ.

රනිල් වික්‍රමසිංහ මැයි 01 දා එම ජනතාවට පොරොන්දුවක් ලබා දෙමින් රුපියල් 1,700ක දෛනික වැටුපක් ලබා දෙන බව පැවසීය. ඒ අනුව යමින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි. එහෙත් මේ දක්වා එම වැටුප ලබා නොදී විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින අතර ඊයේ (12) වෙනත් ආකාරයකින් තව දුරටත් එම ජනතාවට බලාපොරොත්තු ලබා දෙමින් මුලා කිරීමේ උපක්‍රමයකට ප්‍රවේශ විය.

ජීවන් තොන්ඩමන් සහ රනිල් වික්‍රමසිංහ එක් වී දෛනික වැටුප රුපියල් 1,700 ලබා දීමට අමතර කොන්දේසි පැනවීම එම උපක්‍රමයයි.

මේ අතර, සජිත් ප්‍රේමදාස ද අද වතු ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් බව කියන ප්‍රඥප්තියකට අත්සන් තබා තිබේ. සජිත් ප්‍රේමදාස සමඟ මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සමග එම්. උදය කුමාර යන අය එම ප්‍රඥප්තියට සාමුහිකව අත්සන් තබා ඇති බව වාර්තා වේ. පසුගිය මැයි දිනයේ සිටම සජිත් සහ රනිල් දෙදෙනා මෙම ජනතාවගේ ඡන්ද තමන්ගේ ගොඩට එකතු කර ගැනීම සඳහා තිබූ තරඟය මේ වන විට තීව්‍ර කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *