කෝටි 4ක රන් බිස්කට් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 16ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
ඊයේ (13) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ඩුබායි සිට මෙරටට පැමිණි ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම රන් බිස්කට් රැගෙන විත් තිබුණි.
ඔහු මෙම රන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන ආ පැති බෑගයක සහ ගුවන්තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති ට්‍රොලියක යට අලවා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට සූදානම් වී තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

