විමල්ගේ ජගත් රනිල්ගේ සහයට
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මන්ත්‍රීවරයා සිය සහයෝගය ලබා දෙන බවට ඊයේ (13) දැනුම් දුන්නේය.
පසුගිය මහ මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ සනත් නිශාන්තගේ හදිසි අභාවය නිසා ජගත් ප්‍රියංකරට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය හිමි විය. සමස්තයක් ලෙස පොහොට්ටු මන්ත්‍රීවරු බහුතරය මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සිටිති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

