පකිස්ථානයේ හිටපු බුද්ධි ප්‍රධානී අත්අඩංගුවට
පාකිස්තානයේ ජාතික බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතම හිතවතකු බව කියන බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශනයක් බව කියමින් 2017 වසරේදී එරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයකුගේ නිවෙස හා කාර්යාලය වටලා එහි තිබූ රත්රන් හා දියමන්ති ඇතුළු අධික වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් නීති විරෝධීව රැගෙන යෑම සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා හේතුවෙනි.
එවකට පාකිස්තානයේ හමුදාපති ධුරයට පත්වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබූ ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් මේ වන විට විශ්‍රාම ගොස් සිටියද, ඔහුට ඉදිරියේදී හමුදා අධිකරණය මඟින් දඬුවම් නියම කරනු ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ සිටි 2019 සිට 2021 දක්වා කාලසීමාවේදී එරට ජාතික බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

