මහින්ද කිවුවම මගේ ලේ කියලා නාමල්ට මිනිස්සු ඡන්දය දෙනවා – තිස්ස කුට්ටිආරච්චි
එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නිසැක වශයෙන්ම ජයගෙන මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්වන බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මහතාට තරගයක් ඇත්තේ තවත් ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයකු වන සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පළ කළේය.
‘‘මහින්ද රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරන ඒකිය රටක් නිර්මාණය කරන්න පුළුවන් සුදුසුම අපේක්ෂකයා වන්නේ නාමල් රාජපක්ෂයි. පක්ෂ දාලා ඇමැතිවරු ගියාට පාක්ෂිකයෝ ගිහින් නැහැ. ග්‍රාමීය නායකයන් අපි ළඟ ඉන්නවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් මගේ ලේ තියෙන මගේ පුතාට ඡන්දයක් දෙන්න කියලා නොදි ඉන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියත වශයෙන්ම මේ ජන්දෙදි පරාදයි’’
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

