මුදල් ගැටලුවක් – රනිල් ගේ කාර්යාලයක් වසා දමයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම සඳහා ආරම්භ කරන ලද එක් කාර්යාලයක් වසා දැමීමට සිදුවී තිබේ.
ඒ කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙනි.
මෙතෙක් ඒ සඳහා මුදල් වියදම් කරන ලද කණ්ඩායම ඊට මුදල් වියදම් කිරීම වෙනත් කණ්ඩායමකට පැවරීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.
එම කාර්යාලයේ සේවය කරන පරිගණක ක්‍රියාකරුවන් ඇතුළු සෙසු සේවකයන් සඳහා ගෙවීමට මුදල් නොමැති වීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.
කෙසේ වෙතත් මෙම කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අද හෝ හෝ හෙට දිනයේ ගැනීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

