Latestදේශීය

අනාගතය අවධානම් වූ පොහොට්ටු, සන්ධාන කිහිපයකින් රනිල්ගේ සහයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් පිලට එක් වූ මන්ත්‍රිවරු හට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන් වෙතින් නාම ‌යෝජනා ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කිරිමෙන් පසුව, මේ වනවිට දේශපාලන සන්ධාන දෙකක් ලෙස ආරක්ෂිත උපක්‍රමයක් දියත් කර තිබේ.

එක් පෙරමුණක් අනුර ප්‍රියදර්ශන යාපාගේ නායත්වයෙන් ඊයේ (14) නිල වශයෙන් සන්ධානයක් පිහිටුවා ගත් අතර අනෙක් ‌සන්ධානය රමේෂ් පතිරණගේ නායකත්වයෙන් ලබන 16 වෙනිදා පිහිටුවා ගැනීමට සැලසුම් කර තිබේ.

අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන්නේ පුටුව ලකුණ ලියාපදිංචි වී තිබෙන පොදු ජන එක්සත් පෙරමුණ සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමෙනි. එහි ප්‍රධාන අනුසාසක ජෝන් සෙනෙවිරත්න, ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න, සහ භාණ්ඩාගාරික චාමර සම්පත් දසනායක ආදී වශයෙන් පත්කර ගෙන තිබේ.

රමේෂ් පතිරණගේ නායකත්වයෙන් පිහිටුවා ගන්නා සන්ධානයේ නම මෙතෙක් හෙළිකර නැති අතර මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් එහි නායකත්වයට පත් කර ගැනීමට නියමිත ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *