Latestවිදේශීය

ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

වඳුරු උණ හෙවත් MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙයි.

මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන MPOX වෛරසය පිළිබඳ ලෝකයම අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි

වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි, ඊයේ අප්‍රිකාව තුළ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය.

වසරේ මේ දක්වා කාලය තුළ අප්‍රිකානු කලාපයෙන් එම් පොක්ස් ආසාදිතයින්, 15,000කට වැඩි පිරිසක් සොයා ගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 ක් වෙයි.

එම් පොක්ස් හෙවත් මන්කි පොක්ස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් වන අතර එය සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර ව්‍යාප්ත වෙයි.

එය උණ, වේදනාකාරී කැක්කුම්, හිසරදය, මාංශ පේශි වේදනාව, අඩු ශක්තිය සහ වසා ගැටිති විශාල වීම වැනි රෝග ලක්ෂණ ඇති කරන අතර, සමේ තුවාල ඇති වීමෙන් මාරාන්තික තත්ත්වයට පත්වන බව සඳහන්ය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *