Latestදේශීය

මහින්දගේ හිටපු ඡ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මහින්දට තදින් බැණ වදී

ඉදිරියේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දීම සඳහා එක්වන්නයි එම පක්ෂයෙන් වෙන්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ජ්‍යෙෂ්්‍ය ඇමතිවරයෙකුට කරන ලද ආරාධනාවකට ඔහු තදින් බැණ වැදී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්‍ෂයේ තවත් ප‍්‍රබලයෙකු විසින් මෙම ආරාධනාව කර ඇත.

එහිදී එම ‍ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු කරන කාලයේ පවුලේ අයට හැර වෙන කිසිවෙකුට වැඩක් කිරීමට අවස්ථාව නොදුන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එවන් බාධාවකින් තොරව වැඩකටයුතු කරගෙන යාමට හැකි බවත් පවසා ඇති මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා යළි කිසි දිනෙක රාජපක්ෂලා සිටින දිශාව බලාගෙන බත් කන්නේවත් නැතැයිද සඳහන් කර තිබේ.

රාජපක්ෂලා සමඟ ආණ්ඩු කිරීම තම ජීවිතයේ සිදු කරගන්න ලද විශාල මෝඩකමක් බවද ඔහු සඳහන් කර ඇත.

නැවත කිසිම විටෙක රාජපක්ෂලාගේ පණිවිඩ කියන්නට තමන්ට නොඅමතන ලෙසත් පෞද්ගලිකව හිතවත්කම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා හැකි බවත් පවසමින් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා දැඩිව පවසා තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *