හින්දු ජනතාවට පහරදීම සැලසුම් සහගත ක්‍රියාවක්
බංග්ලාදේශයේ පසුගියදා උද්ගත වූ රජයට එරෙහි විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර සුළුතර හින්දු ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීම සැලසුම් සහගතව සිදුවූවාක් බවට වාර්තා පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ශෙයික් හසීනා රටින් පිටවීමෙන් පසු එරට ඉස්ලාම් මූලධර්මවාදීන් හින්දු ජාතිකයන්ගේ නිවාස, කඩසාප්පු සහ හින්දු කෝවිල් ගිනි තබා විනාශ කර ඇතැයි ද, එය එරට සියලු ප්‍රදේශවල පැතිරී ගිය ප්රචණ්ඩත්වයක් බවට පත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගිනිතබා විනාශ කිරීමට අමතරව බොහෝ හින්දු ව්‍යාපාරික ස්ථාන හා නිවාස කොල්ලකෑම් ද සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඩකා අගනුවර පිහිටි එරට ප්‍රමුඛතම හින්දු කෝවිලක් වන ධාකේෂ්වරි කෝවිල ගිනිබත් කර තිබූ බවත්, චිතගොං නුවර පිහිටි කාලි මන්දිර් කෝවිලට සැලකිය යුතු හානියක් සිදු කර තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඒ අතරතුරදීම සිල්හෙට් නුවර පිහිටි ජගනාත් කෝවිලට ද, ඩකා නුවර පිහිටි රාම්නා කාලි මන්දිර් කෝවිලට ද අලාභහානි සිදු කර කොල්ලකෑමට ලක් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

