Latestදේශීය

වංචා දූෂණ “බෑ” කියන ගමන් කෙහෙළියට “හා” කියන තියරිය

වංචනිකයන් සහ දූෂිතයන් ආරක්ෂා නොකරන බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කරන අතර, කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඡන්දය දුන් බොහෝ පිරිසක් ඔහු සමග එක්වී සිටිති.

මේ අතරෙන් විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල සහ ගීතා කුමාරසිංහ දෙදෙනා වෙතය. මෙම දෙදෙනාම පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට රනිල් වික‍්‍රමසිංහ වෙත සහයෝගය ලබාදෙමින් සිටිති. සීතා අරඹේපොල රනිල් වික‍්‍රමසිංහ වෙත සහ සජිත් ප්‍රේමදාස වෙත දැඩි ප‍්‍රහාරාත්මක ප‍්‍රකාශයන් 2019 ජනාධිපතිවරණයේදී මෙන්ම 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ද, එල්ල කරනු ලැබීය. එම සීතා අරඹේපොල, විශේෂ වෛද්‍යවරියක ලෙස සිටියදී, ඖෂධ ජාවාරමේ ප‍්‍රධානියෙකු වන කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටියාය.

මේ වනවිට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිවරිය වී සිටින ගීතා කුමාරසිංහ පිළිබඳවද විශේෂ අවධානය යොමු වී තිබේ. ඖෂධ ජාවාරම නිසා මේ රටේ වැඩිම හානිවී තිබෙන්නේ ළමුන් සහ කාන්තාවන් වෙත බව මාධ්‍ය වාර්තාවලින් හෙළිවී තිබිණි. එසේ තිබියදී කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් මෙම රාජ්‍ය ඇමතිවරියද පෙනී සිටි බව විශ්වාසභංග යෝජනාව පිළබඳ ඡන්ද විමසීමේ ලේඛනයෙන් අනාවරණය වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *