රනිල් ආර්ථිකය හැදුවා නම් බඩු මිළ මෙච්චර වැඩි ඇයි ? – විජිත හේරත්
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආර්ථිකය හැදුවේ නම් බිත්තරයක් රුපියල් දහයකටවත් අද මිලදී ගැනීමට හැකියාව තිබිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණෙන විට බිත්තරයක් රුපියල් දොළහකට තිබූ බවත් අද වන විට එය රුපියල් පනස් පහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට එද්දී ගෑස් රුපියල් 950ට තිබූ අතර අද රුපියල් හාරදහස ඉක්මවා ඇතැයි ද ඔහු චෝදනා කළේය.
හාල් කිලෝවක් එදා රුපියල් 80ට තිබූ බවත් අද රුපියල් 220 ඉක්මවා ඇති බවත් පැවසූ ඔහු පෙට‍්‍රල් ලීටරය එදා රුපියල් 117 ක් වූ අතර අද රුපියල් 340 ක් පමණ වන බවද කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආර්ථිකය හැදුවේ නම් භාණ්ඩ මිලද ඒ පැවතියාට වඩා පහළ යා යුතු බවය.
කිරිබත්ගොඩ නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

