ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන 18% වැට් බද්ද 100% අහෝසි කරනවා – අනුර දිසානායක
ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා පවනවා ඇති 18%ක VAT බද්ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මුළුමනින්ම ඉවත් කරන බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) කිරිබත්ගොඩදී `රට අනුරට’ මැයෙන් පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, පුරවැසියෙකුට කුසිගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නැති බවය.
එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහාද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙසේ කී විට රජයට ආදායම් ලැබෙන්නේ කෙසේදැයි ඇතැමුන් ප්‍රශ්න කර සිටින බවද, මෙතෙක් බදු පොලු තබා ඇති ප්‍රමාණය රුපියල් කෝටි 110,000ක් වන අතර ඉන් නඩු කටයුතු නොමැති කෝටි 16,900ක් ආරම්භයේදීම අය කරගත හැකි බව සොයා බලා ඇති බවද ඔහු සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට පවතින බදු හරහා වසර 04ක් තුළ ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් අයකරගත හැකි VAT බද්ද බදු පොලු තබා ඇති ප්‍රමාණයට වඩා අඩු බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

