Latestදේශීය

පුහුල්වැල්ල රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි

තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (18) පස්වරුවේ හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 54ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය  පුහුල්වැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *