Latestදේශීය

සජිත්ගේ තීරණ සහ බුද්ධිකලාගේ අනාගතය

මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙස අලුතින් පත්කරගෙන සිටින බොහෝ පිරිසක් නිසා, එම පක්ෂයේ මේ දක්වා කැපවීමෙන් කටයුතු කළ, මන්ත්‍රී බුද්ධික පතිරණ ඇතුළු විශාල පිරිසකට දැනටමත් බරපතළ ගැටලු ගණනාවක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම, “ෂර්ට් කරුණා” නමින් ප‍්‍රකට ව්‍යාපාරිකයා සහ මංගල සමරවීරගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය පත්කර ගැනීමත් සමග මේ දක්වා එම දිස්ත්‍රික්කය තුළ සිටි ක්‍රිකාරිකයන් දැඩි ලෙස කපා හැර ඇති බව හෙළිවේ. සජිත් ප්‍රේමදාස අත්තනෝමතික ලෙස විවිධ පිරිස් එක්කර ගැනීම පිළබඳ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය මෙයට පෙර පක්ෂ නායකත්වය ප‍්‍රසිද්ධියේ විවේචනය කර තිබිණි.

මෙම මැතිවරණ සමයේදී එම අත්තනෝමතිකභාවය තවදුරටත් ඉහළම මට්ටමක පවතින බව සමගි ජන බලවේගයේ පැරණි ක්‍රියාකාරිකයන්ගෙන් බරපතළ චෝදනා එල්ලවී ඇති අතර නුදුරේදීම ඔවුන් සජිත් පිළ හැරයාමට සූදානම් වන බවටද ඇතැම් වාර්තාවලින් හෙළිවේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *