‘USS Spruance’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් ‘USS Spruance’ නෞකාව, දිගින් මීටර් එකසිය හැටක් (160 ) හා නැව් මුළුව තුන්සිය තිස් අටකින් (338) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Thomas Adams කටයුතු කරනු ලබයි.
තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Spruance’ නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

